කැලණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලු ඔය ඇතුළු ගංගාවන් අද (27) උදෑසන වන විට ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
අද උදෑසන කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර තිබෙන අතර ඉන් තත්පරයට ඝන අඩි 7000ක පමණ ධාරිතාවයකින් ජලය මුදා හැරේ.ඒ් හේතුවෙන් ඉහත කී ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසයි.කුකුලේ ගඟ විදුලි බලාගාර ජලාශයේ වාන් දොරටු ද තත්පරයට ඝන අඩි 80ක පමණ ධාරිතාවයකින් ජලය මුදාහරින ලෙස විවෘත කර තිබෙන අතර ඒ හේතුවෙන් කුඩා ගඟේ ජල මට්ටම් ඉහළ යා හැකිය. එම නිසාවෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බලප්‍රදේශය තුළ වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වැඩි දුරටත් දැනුම්දෙයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk