දක්ෂිණාංශික ලිබරල්වාදය සහ වාමාංශික ලිබරල්වාදය යන දේශපාලන නිවුන් සොහොයුරන් එකටතබා පැරදවිය හැකි මේ රටේ එකම දේශපාලන කඳවුර වන ජාතිකවාදී දේශපාලන කඳවුර ලෙස “සර්වජන බලය” නව දේශපාලන සන්ධානය පිහිටා ඇතිබව උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
ඉහත කී දේශපාලන නිවුන් සොහොයුරන් එකටතබා පරදවන දේශපාලන පිංකම සිදු කිරීමට “සර්වජන බලය” සමඟ රොද බැඳගන්නා ලෙස මේ රටේ සියලුම සැබෑ ජාතිකවාදීන්ට ඇරයුම් කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය,
උත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ මව්බිම ජනතා පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රී සංසදය සමඟ එක්ව “සර්වජන බලය” නමින් නව දේශපාලන සන්ධානයක් සඳහා 27 දින කොළඹදී මූලික ප්‍රතිපත්ති දහයකින් යුත් ප්‍රතිපත්තිමය සම්මුතියකට අත්සන් තැබීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1