පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජනාධිපතිවරණය නියමිත කාලසීමාව තුළ අනිවාර්යෙන් පවත්වන බවත් කිසිදු අයුරකින් එය කල් දැමීමට සූදානමක් නැති බවත් ය.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය නියමිත කාලයේදී පැවැත්වීමට රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇති බවයි.
වසර දෙකකින් ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමට යෝජනාවන් ඉදිරිපත් කිරීම තම තමන්ගේ කැමැත්ත බවත් විවිධ මතයන් ඉදිරිපත් කිරීමට අනෙක් පාර්ශවයන්ට හැකි බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේදී පවසා ඇත.
ඔහු මෙම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මැතිවරණ පැවැත්වීමේ පූර්ණ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1