පවතින අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට හා සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව රජයේ වියදමින් යළි ඉදිකර දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනාවක් ඊයේ (03) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදි.
ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර චකුලේඛ මත පදනම් නොවී විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීම හා විපතට පත් ජනතාව වෙනුවෙන් ලබා දෙන ආධාර මුදල් ප්‍රමාණය වැඩිකිරීම ද මෙම යෝජනාවට ඇතුළත්ව ඇත.
ඒ අනුව ජගත් පරිසර දින සැමරුම් උත්සවය අවළංගු කර ඒ සදහා වෙන් කර තිබූ මුදල් විපතට පත් ජනතාවට සහන සැලසීමට යොදා ගන්නා ලෙස ජනපති උපදෙස් දී ඇති බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1