සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර සිදු කිරීමට බලාපොරොත්තු වූ විවාදය සඳහා සහභාගී නොවන බව සමඟි ජන බලවේගය සඳහන් කර ඇති බව වාර්තාවේ.
මුලින් ආර්ථික කමිටු විවාදයත් පසුව නායකත්ව විවාදයක් පැවැත්වීමට තම පක්ෂය ජාතික ජන බලවේගයට ආරාධනා කළ බව එම පක්ෂයේ විවාද සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසා ඇත.
නමුත් ආර්ථික කමිටු විවාදය සම්පූර්ණයෙන්ම මගහැර දෙපාර්ශවය විසින් කිසිම එකඟතාවකින් තොරව විවාදය සඳහා සහභාගිවීමට තීරණය කර ඇති බව දැනුම් දෙමින් ස්වාධීන රූපවාහිනි ආයතනය වෙත මන්ත්‍රීවරයා විසින් ලිපියක්ද යොමුකර ඇති බව වාර්තාවේ.
එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1