මලාවි Mzuzu ගුවන්තොටුපළ වෙත අද(11) පස්වරුව වන විට ගොඩ බැස්වීමට නියමිතව තිබූ උප ජනාධිපති saulos chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
ඔවුන් ගමන් කර ඇත්තේ එරට ආරක්ෂක බලකායට අයත් ගුවන් යානයක බවත් උප ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානය සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් මෙම සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් මලාවි ජනාධිපති Lazarus chakwera ප්‍රකාශ කර ඇත.
ඒ අනුව මෙම සිදුවීම සිදු වී ඇත්තේ ජනාධිපතිවරයා සංචාරය සඳහා බහමාස් රාජ්‍ය වෙත යාමට නියමිතව තිබූ අතර බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
https://www.facebook.com/thenewslk1
