දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කර ඇති බවත් අනාගතයට ගැලපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රටේ නිර්මාණය කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඊයේ (14) හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වූ ජනපතිවරයා මේ බව පැවසූ අතර ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දෙන ලෙස සිසුවියන් කළ ඉල්ලීම අනුව අදියර දෙකක් යටතේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දීමට කටයුතු කරන බව ද එතුමා පැවසීය.
රටේ ශක්තිය අධ්‍යාපනය වන බව පැවසූ එතුමා ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම බවත් මෙය සටන් පාඨ කියමින් කාලය ගත කිරීමට හැකි යුගයක් නොවන බවත් වැඩිදුරටත් අවධාරණය කළේය .
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewsl