සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පවසා ඇත්තේ ඉදිරි මැතිවරණයේදී වාර්තාගත ජයග්‍රහණයක් ලබමින් සජිත් ප්‍රේමදාස මහතා විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීම ස්ථීර වශයෙන් ම සිදුවන බවයි.
දෙවන අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද ලක්ෂ තිහකින් අවම වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ලබාගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු වැඩිදුරටත් මෙම අවස්ථාවේදී පවසා ඇති අතර වැඩිම ඡන්ද ප්‍රමාණය සහ වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජයගන්නා ජනාධිපතිවරයා වන්නේ ප්‍රේමදාස මහතා බව ද ඔහු පවසා ඇත. ඔහු මේ පිළිබඳ පවසා ඇත්තේ සිදුකර ඇති සමීක්ෂණ වාර්තාවලින් සහ සංඛ්‍යා ලේඛනවලට අනුව බවත් ඔහු සඳහන් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewsl