සශ්‍රීක දේශයක් හා ධාර්මික රටක් සෑදීමේ වගකීම අප සියළු දෙනා ට පැවරී ඇති බව හා කුමන දේශපාලන කඳවුරක සිටියත් රට වෙනුවෙන් එක මතයක සිට වැඩ කළයුතු බව වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
වත්මන් ජනපති හා පොදුජන පෙරමුණේ දේශපාලන මතය කඳවුරු දෙකක වුවද ආර්ථික අර්බුදය අවසන් කර ආර්ථිකය ශක්තිමත් කිරීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ ජනපතිට හිමිවන බවද එතුමිය ප්‍රකාශ කළේය.
ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රධාන මාර්ගයේ සිට මොරකැටිය බෙදුම් ඇළ දක්වා විකල්ප මාර්ගය ප්‍රතිසංස්කරණ කිරීමේ උත්සවයට සහභාගී වෙමින් මෙම අදහස් දක්වා ඇති අතර රනිල් සමඟ එදා දේශපාලන මතවාදී ගැටුම් තිබුනද වර්තමානයේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වමින් විශිෂ්ඨ නායකයකු ලෙස රට ගොඩ නැඟීමට ඔහු දියත් කර තිබෙන වැඩපිළිවෙලට තම සහාය ලබාදී තිබෙන බව ද වැඩිදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk