ජනපතිවරණයේදී හකීම්ගේ සහාය සජබයට?

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහාය ලබාදෙන අපේක්ෂකයා කවුරුන්දැයි මෙතෙක් තීරණය කර නොමැති බව එම පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කර තිබේ. කෙසේ වෙතත් සමගි ජන බලවේගය සමඟ දැනට සිටින බැවින් එම සංධානය සමග කටයුතු කිරීමටද බලාපොරොත්තු වන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. තවද පක්ෂය වෙනත් තීරණයක් ගතහොත් ඒ පිළිබඳව සලකා බැලීමට සිදුවන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිල වශයෙන් නිවේදනය කර නැති නිසාවෙන් ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ජය ගන්නා බවද රවුෆ් හකීම් මහතා තවදුරටත් පවසා තිබේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart