මම ජනාධිපති වුණාම අපට විරුද්ධව තියෙන නඩු ඔක්කොම නිශ්ප්‍රභා කරනවා
එළැඹෙන ජනාධිපතිවරණය ජයගෙන තමන් ජනාධිපති බවට පත්වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කර ඇති බව ලංකා C News වාර්තා කරයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නොනගිනු ඇති බවද මේ අවස්ථාවේදී මෙම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබෙන බවද සඳහන් වේ . එහිදී තමන් ජනාධ්පති වූ පසුව තමන්ට විරුද්ධව පැන නැඟුණු නඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නිෂ්ප්‍රභ කරන බවත් එවිට පක්ෂ නායකත්වය ගැන ගැටලු ඇති නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
