මම ඩීල් දේශපාලනේ යෙදුනේ නම් ජනාධිපති වෙලා නමට ඉදිරියෙන් ‘ශ්‍රීමත් කියා දාන්න තිබුණා

තමන් ඩීල් දේශපාලනයේ යෙදුනේ නම් ජනාධිපති වී නමට ඉදිරියෙන් ‘ශ්‍රීමත්’ ලෙස දාගැනීමට ද තිබුණු බව විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පොකුණුවිට ප්‍රදේශයේ සමගි ජන බලවේගය විසින් පවත්වන ලද ජන හමුවක් අමතමින් ප්‍රකාශ කොට ඇත. ඒ වගේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට ජනාධිපති ධුරය බාරගන්න යැයි පැවසූ බවද නමුත් රට විනාශ කළ පුද්ගලයන් හා හොරු සමඟ ආණ්ඩු කරන්නට තමන් සූදානම් නැති බවද ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒ මොහොතේ තමන් දන්වා යැවූ බවත් ඔහු එහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම තමන් ඕනෑම තනතුරක් බාරගන්නේ ජනතාවගෙන් ලද ජනවරමකින් බවද ඔහු සඳහන් කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart