රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තාවේ. මෙය රාත්‍රී 8ට විදත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට සූදානම් බවත් රටේ ආර්ථිකය පිළිබඳ රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වීමට සූදානම් බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.ඒ අනුව මෙම ප්‍රකාශයන් සමඟ ජනතාවට ඉදිරියේදී සහන රැසක් හිමිවනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් ය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi