ක්‍රිස් සිල්වර්වූඩ් ක්‍රිකට් පුහුණුකරු ධූරයෙන් ඉවත් වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වුණු බවට වාර්තා වේ. ඒ තම පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බව දැනුම් දෙමිනි. ඔහුගේ ධුර කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සිදුකළ වටිනා දායකත්වයට ස්තුති වන්ත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම ඉල්ලා අස්වීම නිල වශයෙන් නිවේදනය කරමින් සඳහන් කර ඇත. ඔහුගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2022දී T 20 ආසියානු කුසලානය ජයගත් අතර 2023දී එක්දින ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට තරඟ වැදුණේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart