දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ ජනාධිපති මාධ්‍ය අංශය සංවිධානය කළ සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක මාණ්ඩලික ප්‍රධානී සාගල රත්නායක මහතා පවසා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර ඇතිවීමට හේතු කරුණු සොයා බලමින් ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි සති දෙකක් තුළ සැකසූ මූලික වාර්තාවක් ලබා දෙන ලෙසයි.
සති දෙකක් තුළ සැකසූ මූලික වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට ලබා දෙන ලෙසට දැනුම් දුන් අතර ඊයේ (26) මෙම දැනුම්දීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණ බව ද සඳහන් ය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi