විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මතය පිළිබඳ විවාදය ජූලි 2 සහ 3 යන දිනවලදී පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත අතර එයට අදාළ ඡන්ද විමසීම ජූලි 3 වන දින සවස පැවැත්වෙන බව වාර්තා වේ. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. එම නිසාවෙන් එයට සහභාගී වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට නිවේදනය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi
TheNewsLK Tiktok link >>> https://www.tiktok.com/@thenewslk