විදුලිබල මණ්ඩලය මගින් සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජලපවිත්‍රාගාරය වෙත විදුලි සැපයුම අත්හිටුවීම සහ ඒ හා සමගාමීව සිදුකරන ජලපිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට දිනයේදී (29) ලංකාවේ ප්‍රදේශ කීපයකට පැය 15ක් ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දී තිබේ. එලෙස ජල සැපයීම අත්හිටුවන ප්‍රදේශ ලෙස නම් කර ඇත්තේ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වේ. ඒ වගේම අඩු පීඩන තත්ව යටතේ ජලය සැපයෙන ප්‍රදේශ ලෙස මොරටුව මහ නගර සභා බල ප්‍රදේශය ද නම් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi