නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන බෙදාහරින කුරියර් සමාගමේ හිමිකරු රහස් පොලිසියට ගොස් ඊයේ (27) ප්‍රකාශයක් ලබා දී තිබේ. එසේ ලබා දුන් ප්‍රකාශය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති අතර කුරියර් සමාගමේ හිමිකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් වී ඇත. එබැවින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අවස්ථාවේදී සඳහන් කර සිටියේය.
එමෙන්ම මෙම කුරියර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මඟින් ඉල්ලීමක් කර තිබුණු අතර එම ඉල්ලීම එම ආයතනයේ ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එම කුරියර් සමාගමේ සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කර තිබිණි. ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කර තිබුණේ නිරූපණ ශිල්පිනියක ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සඳහා මුදල් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව විමසා බැලීමටයී.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
WhatsApp link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi