කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පමණක් ඉදිරියේ දී ලෝහ ද්‍රව්‍ය අපනයනයන් සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇත.ඒ අනූව රටේ අනීතිකව සිදුකෙරෙන ලෝහ,යකඩ ආශ්‍රිත උපකරණ හා අබලිද්‍රව්‍ය අපනයනය තහනම් කිරීමට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.තඹ, පිත්තල ,ඇලුමිනියම්, චීනචට්ටි, සුදුයකඩ සහ හයිකාබන් වැනි සියලුම ලෝහ අපද්‍රව්‍ය, යකඩ ආශ්‍රිත උපකරණ හා අබලි ද්‍රව්‍ය අනීතික ලෙස අපනයනය කිරීම හේතුවෙන් රටට අහිමිවන විනිමය සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi