ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සදහා වැය වන මුළු මුදල ඉදිරි දින කිහිපය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බව රජයේ මුද්‍රණාලය පවසා ඇත. ඒ අනුව වැය වන මුළු මුදල ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවට අනාවරණය වේ. මෙහිදී අදාළ මුදල මැතිවරණ කොමිෂන් සභාව විසින් මුදා හැරියහොත් පමණක් මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇතිබව රජයේ මුද්‍රණාලය පවසා ඇති අතර මුද්‍රණ කටයුතු ආරම්භයේ සිටම පොලිස් ආරක්ෂාවද සැපයිය යුතුය. එහිදී එක් දිනකට පොලිස් නිලධාරීන් 65 දෙනෙකුගේ පමණ ආරක්ෂාව අවශ්‍ය වන බවද සඳහන් ය. මේ අතර ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය ප්‍රකාශ කිරීමට ජූලි මස 17 වනදායින් පසුව මැතිවරණ කොමිසමට බලය ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi