දේශපාලන කණ්ඩායමකින් චමුදිතට තර්ජන

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවස අසල සැක කටයුතු ලෙස තොරතුරු රැස් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම නවතම දෙසකට සිය අවධානය යොමු කර තිබෙන බවට අනාවරණය වේ. එහිදී සැලසුම් සහගත දේශපාලන කණ්ඩායමක් විසින් චමුදිත සමරවික්‍රම මහතා ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලය මගින් තර්ජනාත්මක අයුරින් කටයුතු සිදු කරමින් සිටින බව එම කණ්ඩායම්වලට නිරීක්‍ෂණය වී ඇත. මෙම පිරිස් දිගින් දිගටම සමරවික්‍රම මහතා ඉලක්ක කර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔහුට අපහාස උපහාස හා තර්ජනය කරමින් සිටින බව නිරීක්ෂකයන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ. ඒ ඔස්සේද පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් සිටින බවද සඳහන් වේ. මෙම සිද්ධියට අදාළ ප්‍රධාන පරීක්‍ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart