අද (01) දින තලවකැලේ – නුවරඑළිය මාර්ගයේ සියලුම පුද්ගලික බස් රථ ඉවත් වී තිබේ. එම මාර්ගයේ ධවනය කරනු ලබන බස් රථ දෙකක් රාත්‍රියේදී නවතා තිබියදී කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් එම බස් රථවලට පහරදී අලාභ හානි සිදු කර තිබීම මෙම වර්ජනයට හේතු වී ඇති බව වාර්තාවේ. මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ තලවකැලේ ස්ථානභාර නිලධාරී සඳරුවන් අබේවික්‍රම මහතා පවසා ඇත්තේ බස් රථ වර්ජනයට තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ධාවනය වන සියලුම බස් රථ එකතු වී ඇති බවයි. මෙම බස් රථ වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ පාසල් සිසුන්, කාර්යාලීය සේවකයන්, පුද්ගලික ආයතනවල සේවකයන් ඇතුළු සෙසු මගී ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi