ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් සහ ලේකම් ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා ඉවත් කිරීමට එම පක්ෂය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කොට තිබේ. ඒ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් තමන්ව ඉවත් කිරීමට එරෙහිව දයාසිරි ජයසේකර මහතා මෛත්රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ පෙත්සමක නියෝගය ප්රකාශයට පත් කරමින් දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi