යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පානිය ජලය සපයා ගැනීම සඳහා වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ,
යාපනය දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජලය සපයා ගැනීම පිණිස ඉන්දීය රජය විසින් පිරිනමන ලද අරමුදල් උපයෝගී කර ගෙන වැසි ජලය රැස් කිරීමේ ටැංකි 3000ක් ඉදිකිරීමට ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා 2016 – 10 – 25 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි, එම ව්‍යාපෘතිය වසර තුනකදී නිම කළ යුතුව තිබූ නමුත් මතුවූ මූල්‍යමය හා තාක්ෂණික ගැටලු හේතුවෙන් ව්‍යාපෘති කාලසීමාව 2024 ජුනි දක්වා දීර්ඝ කෙරිණි.
ව්‍යාපෘතිය යටතේ තවදුරටත් ඉතිරිව පවත්නා අරමුදල් වලින් වැසි ජලය එක් රැස් කිරීමේ ටැංකි 934ක් ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගෙන ආ මෙම යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව සදහන් වේ,
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi