කරවල හොද්දට වැටුනු සිසු දැරිය අවසන් ගමන් යයි


පොසොන් පොහොය නිමිත්තෙන් පානදුර ප්‍රදේශයේ පැවති බත් දන්සලක ආහාර සකසන අවස්ථාවේදී කරවල හොදි කල්දේරමට වැටී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 9 හැවිරිදි පාසල් සිසුවිය මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කර ඇත.
පසුගිය 23 මෙම අනතුර සිදුවී ඇති අතර දැරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ඇයගේ තත්වය බරපතල බැවින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලට මාරු කර යවා සිටියදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර, බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටී ශයනි මෙතුම්සා නමැති දැරියක බව සදහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart