ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ රූකඩයක් බවට එහි නායක වනිදු හසරංග පත්වී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත. එමෙන්ම මේ අවස්ථාවේදී ෂම්මි සිල්වා විසින් පත්කරන ලද ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් මීට වඩා දෙයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සිදු නොවන බවද හෙතෙම කියා සිටියේය. ඒ වගේම ජනාධිපති උපදේශකයන් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාව තව තවත් විනාශ කරමින් සිටින බවත් ඔහු චෝදනා කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi