අද (05) උදෑසන සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස යළිත් ධුරයේ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත.
තවමත් පක්ෂයේ නීත්‍යානුකූල මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ තමන් බවත් යළි ධුරයේ කටයුතු ආරම්භ කරන අවස්ථාවට සියලුදෙනාටම එකතුවන ලෙස ආරාධනා කරන බවත් මන්ත්‍රීවරයා මන්ත්‍රීවරයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මහතා පිළිගන්නා බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂමන් පියදාස මහතා පැවසූ අතර ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi