ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අගනුවර වන චෙන්නායි සිට අනුරාධපුරය දක්වා මුහුද යට සම්ප්‍රේෂණ මාර්ගයක් මගින් සෘජු විදුලි රැහැනක් හරහා සම්බන්ධ කිරීමට යෝජනා කර ඇති බවට වාර්තා වේ.
ඉන්දියාවේ කිලෝමීටර් 130ක ගොඩබිම් සම්ප්‍රේෂණ මාර්ගයකින් පසු ශ්‍රී ලංකාවේ මන්නාරමේ තිරුකේතීස්වරම්හිදී මුහුදු යට සම්ප්‍රේෂණ මාර්ගයක් (සබ්මැරීන් කේබලයක් හරහා) මගින් මෙම ජාල සම්බන්ධ කරන බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට ගිගාවොට් 200ක සුළං සහ සූර්ය බලශක්තියක් ලබා ගැනීමට හැකිවන අතර යෝජිත හවුල් ව්‍යාපාරය මගින් ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අපේක්ෂා කෙරන බවද සඳහන් වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi