2024 යුරෝපීය පාපන්දු තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය සහ ප්‍රංශය සමත් වී ඇති අතර ස්පාඤ්ඤය ගෝල 2කට 1ක් වාර්තා කරමින් සත්කාරක ජර්මනිය පරාජය කිරීමට සමත්වී තිබේ.ප්‍රංශය සහ පෘතුගාලය අතර පැවති තරගයේ නියමිත කාලයේ දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට නොහැකි වූ නිසාවෙන් ජයග්‍රාහකයින් තීරණය කිරීමට දඬුවම් පහරක් ලබා දුන් අතර එහිදී 5ට 3ක් ලෙස තරගය ජය ගැනීමට ප්‍රංශය සමත්විය. මෙම තරගය සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ අවසන් යුරෝපීය කුසලාන තරගය ලෙස වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi