වෘත්තීය සමිති 200 කට අධික සංඛ්‍යාවක් අද (08) සහ හෙට (09) දිනයන් හීදී රාජ්‍ය සේවය නියෝජනය කරමින් අසනීප නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක නිරතවන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. මෙලෙස අද දිනයේ වැඩ වර්ජනයේ නිරතවීමට නියමිතව නිවාඩු ලබා ඇත්තේ තැපැල්, මිනින්දෝරු, ගොවි නියාමක, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර කීපයක රාජ්‍ය නිලධාරින් ය. වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සංගමයේ සභාපති එන්.එම් විජේරත්න මහතා පැවසුවේය. එමෙන්ම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය පළ කරමින් ඊයේ (07) පස්වරු 4 සිට තැපැල් සේවකයින් ද වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කොට ඇත. ගුරු විදුහල්පති වෘත්තීය සමිතිද අද දිනයේ සේවයට වාර්තා කළ ද හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවේය. නමුත් සෞඛ්‍ය කේෂ්ත්‍රයට අදාළව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද සංගම් මෙම වර්ජනයට සහාය නොදීමට මේ වනවිටත් තීරණය කර ඇති බවද සඳහන්ය. කෙසේ වුවද අද දිනයේදී වෘත්තීය සමිති නියෝජිතයින් සිදු කිරීමට නියමිත වර්ජනය හේතුවෙන් රාජ්‍ය සේවය අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබෙන බවද අනාවරණය වී ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi