සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්තගේ වෙඩි තැබීමේ සිද්ධියට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී සොයා ගෙන ඇත. මෙම වෙඩිතැබීම අද (08) උදෑසන 10ට පමණ අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී සිදුවී ඇති බව වාර්තා වේ. මෙම ඝාතනයට සැක කෙරෙන වෙඩික්කරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවට හා වෙඩිතැබීමට ටී 56 ගිනිඅවි දෙකක් භාවිත කර ඇති බවට පොලීස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi