අතුරුගිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ ජනප්‍රිය ගායිකා කේ සුජීවා පැය කිහිපයක ශල්‍යකර්මයකට භාජනය කර තිබේ. ඇය හෝමාගම රෝහලට ඇතුළත් කළ පසු ඇයගේ තත්ත්වය බරපතළ වීම නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබීය. මෙම ශල්‍ය කර්මය සිදු කොට ඇත්තේ ඇයගේ කලවා ප්රදේශයටයි. කෙසේ වුවද දීර්ඝ ශල්‍ය කර්මයෙන් පසු ඇයගේ පාදය කපා දැමීමකින් තොරව බේරා ගැනීමට හැකිව ඇති බව වාර්තා වේ. මේ අතර ශල්‍ය කර්මයෙන් පසුව ඇය සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර ඇති බවත් එනමුත් ඇයට සාමාන්‍ය පරිදි ඇවිදීමට ටික කලක් ගතවනු ඇති බවත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කොට ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi