වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (09) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබූ ටැටූ ආයතනයේ හිමිකරු වන දුලාන් සංජය නැමැත්තා විසින් පොලිසියට ප්‍රකාශකොට ඇත්තේ තම සහෝදරයාද මෙම ඝාතකයන් එනතුරු ගොඩනැගිල්ලේ ඉහළ සිට ඔත්තු බැලූ බවයි. ඒ අනුව
සිදු කරන ප්‍රශ්න කිරීම් අනුව ඔහුද ඝාතන සැලසුමට සම්බන්ධ බව තහවුරු වී ඇත. තමන් ටැටූ ශිල්පය හදාරා තිබුණද ටැටූ ආයතනයක් විවෘත කිරීමට හැකියාවක් නොමැතිව තිබියදී පාතාල සාමාජිකයකු විසින් රුපියල් ලක්ෂ 16ක් ලබාදී මෙම ආයතනය අරඹන්නට සහාය ලබාදී තිබේ. ඊට හේතුව වී ඇත්තේ එය විවෘත කිරීමේ අවස්ථාවට සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගෙන්වා ගැනීමයි. මෙම අපරාධයට සම්බන්ධ වැඩි පුද්ගලයන් පිරිසක් බලපිටිය හා බෙලිඅත්ත ආශ්‍රිත ප්‍රදේශ අය බවද වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී තිබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi