‍දුරකථන හොරකම සම්බන්ධ වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කරන්න TRCSL ට නියෝගයක්


දඹුල්ල ප්‍රදේශයේ සිදුවන දුරකථන සොරකමක් පිළිබඳ සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ පටය ගැටලුකාරී බව පවසමින් එය අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙසට TRCSL වෙත දැනුම්දුන් බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පවසා ඇත.
නීතියට අනුව සොරකමක් සම්බන්ධව කළ යුතු කටයුතු සිදු නොකර සොරුන් ඇල්ලීම තමන් අතට ගෙන කුඩා ළමයෙකුද කාන්තාවන් දෙන්නෙකුද සිටින වීඩියෝවක් මේ ආකාරයට ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මකව මෙන්ම නීතිය අනුව වරදක් බව ඔහු පැහැදිලි කළේය.
යම් අපරාධයකට අදාළව දරුවෙකු, වින්දිතයෙකු හෝ සැකකරුවෙකු වුවද ඔහුගේ රුව සමාජ මාධ්‍ය හරහා සංසරණය කිරීමට කටයුතු කිරීම සදාචාර විරෝධී කටයුත්තක් වන බවත් මෙබඳු වීඩියෝ මගින් පොලිසිය කළ යුතු වැඩ නීතිය තමා අතට ගෙන කටයුතු කිරීමට ලබාදෙන පෙළඹවීමද වරදක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart