මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්රදේශයේදී ගිනි අවි සඳහා යොදන පතරොම් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් ව අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසියට ලද තොරතුරක් මත ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් විසින් යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ (09) දින මෙම වැටලීම සිදු කර තිබේ. මෙහිදී T-56 ගිනි අවි පතරොම් ගැබ 2ක්, පිස්තෝල පතරොම් ගැබ 2ක්, T-56 ජීව පතරොම් 144ක්, පිස්තෝල සඳහා භාවිත වන පතරොම් 02ක් සොයා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.
මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචි වී සිටින එම සැකකරු සඟවා තිබූ හෙරොයින් ග්රෑම් අටක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගත් බව වැඩිදුරටත් වාර්තා වේ. විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින් මෙම පතරොම් සහ පතරොම් ගැබ මෙම සැකකරුට ලබා දෙන්නට ඇතැයි පොලීසිය සැක පළ කර සිටි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi