පා. මන්ත්‍රී අලි සබ්‍රි මහතා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු


රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලකට සාපරාධි ලෙස ඇතුළුවීම සහ දේපළවලට අනර්ථයක් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අයෝනා විමලරත්න විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.
කල්පිටිය කුරුඥම්පිටිය ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් මෙම නඩුව ගොනුකර ඇති අතර නඩුව කැඳවූ මාර්තු 4 සහ අප්‍රේල් 1 යන දින දෙකේදී සහ ජූලි 8 වැනිදා වග උත්තරකාර මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර මන්ත්‍රීවරයා නියෝජනය කරමින් නීතිඥයකු හෝ අධිකරණය හමුවේ පෙනී සිට නැති බවද සඳහන් වේ.
රාජ්‍ය නොවන සංවිධානයට අයත් යතුර ඔවුන්ට වහාම භාරදීමට ක්‍රියා කරන ලෙසට ද නියෝග කර තිබේ.
22 වැනිදා නඩුව නැවත කැඳවීමට නියමිතව ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart