ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව ජනමත විචාරණයක්


ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වී ඇත. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ මේ සඳහා ජන මත විචාරණයක් පවත්වන බවයි. එහිදී ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර මන්ත්‍රී ප්‍රමාණයකින් සම්මත කරගෙන ජනමත විචාරණයක් කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අනිවාර්යයෙන්ම නියෝග කර ඇති බවද එහිදී ඔහු සඳහන් කළේය. එමෙන්ම ජන මත විචාරණයක් කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් වත් ලබා ගැනීමට ආණ්ඩුවට මේ මොහොතේ හැකියාවක් නැති බවද ඒ සඳහා විපක්ෂයක් ලෙස ඉඩ නොතබන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කොට ඇත.
එමෙන්ම මෙම උත්සාහය පරාජය කිරීමට නම් මැතිවරණ කොමිසම තමන්ට බලය ලැබෙන පළමු අවස්ථාවේම එනම් 17 වෙනිදාම ජනාධිපතිවරණය කැඳවීම නිවේදනය කළ යුතු බවත් ඔහු සදහන් කරයි. එය කල් ගත කළහොත් සිදුවන්නේ ආණ්ඩුවේ කූට උපක්‍රමය සාර්ථක වීමට අවශ්‍ය කාලය ලැබීම බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart