ක්ලබ් වසන්ත ඝාතනය පාටි දාලා සජීවීව නරඹලා


අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය ඩුබායි වල සිට සැලසුම් සහගතව ක්‍රියාත්මක වූවක් බවත් එම ඝාතනය ලොකු පැටී නැමැත්තා විසින් සජීවිව නරඹා ඇති බව වාර්තා වේ. මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලොකු පැටිට ලබා දුන් ප‍්‍රංශයේ සැගව සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තා ද මෙම දර්ශන මුල් අවස්ථාවේ සිටම සජීවීව නරඹා ඇතැයි ද පැවසෙයි. එමෙන්ම ඩුබායි රටේ සැඟවී සිටින ලොකු පැටි ඇතුළු කණ්ඩායම මෙම ඝාතනය සජීවීව නරඹා ඇත්තේ මත්පැන් සාදයක් පවත්වමින් බවට ද තොරතුරු හෙළිවී ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart