කවුද හරි.?

ජුනි 30 වැනිදා වනවිට මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අය කරගත යුතුව ඇති රුපියල් කෝටි 1100/=ක් සුරා බදු දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් අයකරගෙන නොමැති බව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා ඇත.
ඒ පාර්ල්මේන්තු පරිශ්‍රයේදී ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රමුඛ කාරක සභා නියෝජිතයින් 2024 ජූලි 10 වැනිදා රැස්වූ අවස්තාවේදීය.
මත්පැන් නිෂ්පාදන ආයතනයගෙන් අයකර ගත යුතුව ඇති බදු මුදල් අමාත්‍යාංශයට අය කර ගැනීමට දැනුම් දීමක් සිදු කර තිබුනද මෙතෙක් එය සිදුව නැති බව ද සභාපතිවරයා එහිදී සඳහන් කොට ඇත.
ආණ්ඩුවට අයවිය එහෙත් පැහැර හැරි බදු මත්පැන් නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ බලපත් නතර කළ කාලය අතරතුර ගෙවා දැමුවද නැවතත් ඒ ආයතන විසින් බදු ගෙවීම පැහැර හැර ඇති බව ද ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා විසින් පෙන්වා දී තිබේ.
වැඩි දුරටත් අදහස් දක්වමින් සභපතිවරයා විසින් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම රුපියල් මිලියන 1659ක්, හිඟුරාන ඩිස්ටලිරීස් රුපියල් මිලියන 102ක් සිනර්ජි සමාගම රුපියල් මිලියන 37ක්, වයඹ ඩිස්ටලරීස් රුපියල් මිලියන 79ක් 2024 ජුනි 15 දින වනවිට ආණ්ඩුවට ගෙවිය යුතු වුවත් මෙතෙක් ගෙවා නොමැති බවත් ඊට මුළු හිඟ බදු හා අයභාර රුපියල් බිලියන 1.8ක් බව ද සඳහන් කොට තිබේ.
එසේ වුවද හිඟ මුදල් අයකර ගැනීමට මෙතෙක් සුරා බදු දෙපාර්තමේන්තුව කටයුතු කොට නොමැත.
මේවනවිට මෙන්ඩිස් සමාගම හැර අනෙකුත් සමාගම් සුරා බදු දෙපාර්තමේන්තුව සමග ඇති කරගෙන ඇති ගෙවීම් ගීවිසුම් අක්‍රීය තත්වයට පත්ව ඇත.
රජයට සහ රටට අය විය යුතුව ඇති බදු මුදල් අය නොකොට මේවනවිට සුරා බදු දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ක්‍රම සහ විධි කාරක සභාව ද මග හරිමින් සිටින බව ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා විසින් පෙන්වා දී ඇත.
රටේ සාමාන්‍ය පුරවැසියන් හට අධික බදු බරක් පැටවී ඇති මොහොතක සුරා බදු දෙපාර්තමේන්තුව වැනි ආයතන රජයට අයවිය යුතු බදු අය කර ගැනීමට කටයුතු නොකිරීම ගැන කම සහ කාරක සභාවේ සාමාජිකයන් විමතිය සහ කනස්සල්ල පළ කරන අතර එසේ වීමට හේතුව කුමක්දැයි දන්නේ සුරා බදු දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ඇතුළු තීන්දු තීරණගන්නා තනතුරු දරන අය පමණකි.
ක්‍රම සහ විධි කාරක සභාවෙන් නගන කිසිදු චෝදනාවකට මෙතෙක් සුරා බදු දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ඇතුළු වගකිව යුතු නිලධාරීන් හෝ මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන් ද කිසි දු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් අදාළ බදු පැහැර හැරි ආයතන ගැන සිදු කරන ප්‍රචාරයන් සඳහා අදාළ සමාගම් හෝ මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබීමද සඳහන් කළ යුතුව ඇත.
සුරා බදු දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශයේ සභාපතිවරුන් ඇතුළු නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ කුමන හේතුවෙන් නිසාවෙන්දැයි ප්‍රශ්න කළ යුතුව ඇත.
නොඑසේනම් ක්‍රම සහ විධි කාරක සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම දේශපාලනය වෙනුවෙන් කරන රඟපෑමක්දැයි මෙරට ජනතාව විසින් නිගමනයට එළඹිය හැකිය.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart