නාම යෝජනා කැඳවන දිනය මේ මස අග

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවන දිනය මෙම මස (ජූලී) අවසානයේදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 වනදා මැතිවරණ කොමිසමට හිමිවන බව වාර්තා වේ. මැතිවරණ කොමිසම සඳහන් කළ පරිදි නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී ප්‍රකාශයට පත් කිරීමෙන් ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා මෙම කොමිසමට ප්‍රමාණවත් කාලයක් ලැබෙනු ඇත. එමෙන්ම එළඹෙන ජනාධිපතිවරණයේදී භාවිත කරනු ලබන ඡන්ද නාමලේඛනය මැතිවරණ කොමිසම ඉදිරි දිනවලදී සහතික කර ගැනීමට ද නියමිතව තිබෙන බවට වාර්තා වේ. එමෙන්ම මිලියන 17ක පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන අතර ඒ මෙම වසරේ පළමු කාර්තුව තුළදී යාවත්කාලීන කළ ඡන්ද හිමි නාමලේඛනයට අනුවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart