ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර අවසන් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කර ඇත.මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු රට පුරා සංවිධානය කර ඇති බව සහ මෙතෙක් ජනාධිපති අපේක්ෂකයෙක් නම් නොකර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව බවයි ඔහු වැඩිදුරටත් මාධ්‍ය හමුවක් අමතමින් පවසා ඇත්තේ.කෙසේ වෙතත් ජනාධිපතිවරණය කැඳ වූ වහාම ධම්මික පෙරේරා මහතාගේ නම ඉදිරිපත් කරන බව ද ඔහු මේ අවස්ථාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi