මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති සේන යද්දෙහිගේ අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ එම ආයතනයේ නිළධාරිනියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් අදාළ කාන්තාව කොල්ලූපිටිය පොලිසියට සිදුකල ඇති පැමිණිල්ලක් අනුවයි. පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් සභාපතිවරයාට විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති බව තවදුරටත් වාර්තා වේ. නමුත් සභාපතිවරයා ඊට පෙර රටින් පිටව ඇති නිසා ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට නියමිතව පවතී.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi