බංගලදේශයේ විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කර ඇති විරෝධතා හේතුවෙන් දැඩි ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ. ඒ හේතුවෙන් මෙතෙක් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති අතර විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. තවද ඇතිව ඇති තත්ත්වය නිසාවෙන් අන්තර්ජාල පහසුකම් හා ජංගම දුරකථන පහසුකම්ද අත්හිටුවා තිබෙන බව වාර්තා වේ. මෙම විරෝධතා වලට හේතු වී ඇත්තේ නිදහස් සටනට එක් වූ එරට පවුල්වල දරුවන්ට රජයේ රැකියාවලින් සියයට තිහක් වෙන් කිරීමට ගෙන ඇති තීරණය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටීමයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi