වසර තුනක සිර දඬුවම් නියම වී සිටි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන්ගේ දඬුවම එක් වසරක් දක්වා අඩු කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.
කුරුණෑගල බුවනෙකබා රාජසභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී මෙලෙස දඬුවම් ලබා සිටි අතර එම විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්වල තීන්දුව ලබා දෙමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi