විභාග දෙපාර්තමේන්තුව අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට සූදානම්ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසා තිබේ. උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට සියලු දීමනා වැඩි කළ බවත් පාසල් වලට අනුයුක්තව සිටි සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නයට ඊයේ (22) දින එකඟතාවයකට පැමිණි බැවින් අධිකරණයට අදාල ගැසට් පත්‍රය ඉදිරිපත් කර නඩුව ඊළඟ සතිය වෙනකොට අවසන් වීමෙන් පසු ඒ පත්වීම් ටික ලබා දීමට හැකියාව පවතින බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. තවද පුරප්පාඩු සදහා ගුරුවරුන් ලෙස සංවර්ධන නිළධාරීන් විසි තුන් දාහෙන් හයදාහකට පත්වීම් ලබා දී තිබෙන බැවින් ඉතුරු අය සදහා සම්මුඛ පරීක්ෂණක් පවත්වා පත්වීම් ලබා දීමට කටයුතු කිරීමට සැළසුම් කර ඇති බැවින් ඉතා කෙටි කාලයකදී ගුරු පුරප්පාඩු සියල්ල පුරවා අවසන් වන බවද අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර තිබෙන බව වාර්තා වේ. එතුමා මේ අදහස් දක්වා ඇත්තේ හෝමාගම ප්‍රදේශයේදීය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi