අද සිට ලබන මස 14 වන දා දක්වා උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා සෙනසුරාදා සහ ඉරිදා දින හැර ඇප මුදල් තැන්පත් කළ හැකි බව සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාම යෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක වලංගු මුදලින් රුපියල් 50,000 ක මුදලක් තැන්පත් කළ යුතු බව සහ අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක වලංගු මුදලින් රුපියල් 75,000ක් තැන්පත් කළ යුතු බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi