2024 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත් වූයේ පාකිස්තාන කණ්ඩායම කඩුලු තුනකින් පරාජයට පත් කරමින්.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර පළමුව පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර විස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 140ක් රැස් කරගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හිමි ඉලක්කය ලකුණු 141 විය. පන්දුවාර දහනවයයි පන්දු පහක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යෑමේ වගකීම ගත් අනුෂ්කා සංජීවනී, එක් පන්දුවක් ඉතිරි ව තිබිය දී තරගය ජයග්‍රහණ කරා රැගෙන යමින් 2024 ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාවට සුදුසුකම් හිමි කර දුන්නා.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi