පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (29) පැවැත්වීමට නියමිතව ඇත.ඉදිරි ජනාධිපතිරණයේදී අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීම සදහා මෙම සාකච්ඡාව පවත්වන අතර මෙම සාකච්ඡාව පස්වරු 4.00ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පවත්වන බව වාර්තා වේ.
පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවත් තවත් පිරිසක් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවත් ඒ ව්‍යාපාරික ධම්මික පෙරේරා බවත් මත පළ කොට ඇත.ඒ හේතුවෙන් පක්ෂය දෙකඩ වෙනවාද නැතිනම් එක් තීරණයකට පැමිණ එකට ගමන් කරනවාද යන්න යන නිගමනයට අද එළඹීමට නියමිතව ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi