ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසා සිටියා, ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (28) ඉන්දියාව සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් පසු මාධ්‍ය හමුවට එක්වෙමිනී.

පිතිකරුවන් වශයෙන් මීට වඩා වගකීම් සහගත වියයුතු බවත් ඔවුන්ගේ දක්ෂතාවයේ නොව ඔවුන් පිටියට අවතීර්ණ වූ අවස්තාවේ සිට ඉතා කල්පනාවෙන් තොරව ක්‍රීඩා කිරීම මේ තත්වයට හේතු වී ඇති බව ඔහු සදහන් කළ අතර කණ්ඩායමේ සිටින මැදපෙළ පිතිකරුවන් මෙලෙස දිගින් දිගටම අසාර්ථක වනවා නම් සංචිතයේ සිටින දක්ෂ නවක ක්‍රීඩකයින්ට එම අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවත් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart