අපේ රට අද වෙනකොට යළිත් ලෝකය සමඟ ගනුදෙනු කරන්න පුළුවන් රටක් බවට පත් වී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනු ලැබීය. එමෙන්ම එදින කැස්බෑව ආසනයේ, පැලැන්වත්ත බටහිර හා මහායායවත්ත ප්‍රජාශාලා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත වෙන් කෙරෙන විමධ්‍යගත අරමුදලින් නවීකරණය කොට භාරදීම සිදු කෙරිණි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ හැම දෙයක්ම රජයේ දෙපාර්තමේන්තුවලට පමණක් කළ නොහැකි බවත් යම්කිසි වැඩ කොටසක් මහජනයා හවුල් වී රජයේ නිලධාරීන් සමඟ සිදු කළ යුතු බවත්ය. එමෙන්ම ලංකාවේ හැම ගමකම එවැනි ප්‍රජා කටයුතු මහජනයාගේ සතුට වගේම ජීවිතවල දියුණුවට පරිවර්තනය කළ හැකි බවත් අපේ රට ඉදිරියට ගෙනයාම සඳහා එවැනි සහෝදරත්වයක් අවශ්‍ය බවත් ගම් මට්ටමේ සිට ඉහල දක්වා ඒ සහෝදරත්වය ඇතිවුණොත් රටට විශාල ශක්තියක් ඇති බවත් එක්සත්කමින් රටේ දියුණුව ඇති කිරීම සඳහා මිනිසුන් වැඩ කල යුතු බවත් වැඩිදුරටත් ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම ඔහුගේ කතාව තුළින් විශේෂයෙන්ම අනාවරණය වූයේ පසුගිය වසර වල අපේ රටේ ඇතැම් දිස්ත්‍රික්කවල කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ අතිරික්තයක් අප ඇති කර ගත යුතු බවත් ගොවියෝ ඊට සමත් වී ඇති බවත් ඔහු මෙහිදී අනාවරණය කොට ඇත. ඒ වගේම එමගින් අපිට මුහුණ දෙන්න සිදුවූ අමාරු අභියෝග රැසක් හරහා ගමන් කරන්න පුළුවන්කම ඇති වූ බවත් විශේෂයෙන්ම ohu කරුණු සඳහන් කොට ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi